විශේෂාංග ලිපි

මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අට ( අෂ්ට කර්මය)
මන්ත‍්‍ර ශාස්ත‍්‍රය අංග අටකින් යුක්තවේ. මෙම අංග අට ''අෂ්ට කර්මය'' යනුවෙන් හැදින්වේ. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන බොහෝ දෙනා මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අෂ්ට කර්මයවත් හරියට දන්නේ නැත. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අට මෙසේය.
01. වශී කර්මය : මේ යටතට ගැනෙන්නේ වශී ගුරුකම්ය. ඉනා කිරීම ලෙසද
හැඳින්වේ.
02. ආකර්ශණ කර්මය : වෙළඳ ව්‍යාපාර ආදියට ජනතාව ඇදගැනීම, පැන ගිය අය
තමන් වෙත ගෙන්වා ගැනීම, ජනතා ප‍්‍රසාදය ලබාගැනීම.
03. මෝහන කර්මය : මුළා කිරීම, රැවටීම, යම් යම් දේ සැඟවීම.
04. ස්තම්භන කර්මය : යම් යම් දේ වැළක්වීම, දරු උපත් පමා කිරීම, ව්‍යාපාර
ආදිය බිඳ වැට්ටවීම, මෝහනය කිරීම.
05. ශාන්ති කර්මය : ලෙඩ රෝග සුව කිරීම, අමනුෂ්‍ය බලපෑම් දුරු කිරීම, ග‍්‍රහ
අපල සමනය කිරීම, කොඩි විණ කපා ඉවත් කිරීම.
06 විද්වේෂණ කර්මය : වෙන් කිරීම, භේද භින්න කිරීම, වෛර කරවීම,
පේ‍්‍රම සම්බන්ධතා, විවාහ ජීවිත කඩාකප්පල් කිරීම.
07. උච්චාටන කර්මය : යම් යම් අය සිටින නැතින් ඉවත් කිරීම, පළවා හැරීම,
කොඩිවිණ ආපසු හරවා යැවීම.
08. මාරණ කර්මය : සතුරන් වැනසීම, භූමි පාළු කිරීම, අණවින, කොඩි විණ
සිදුකිරීම.
වශී ගුරුකම් ගැන ඇත්ත දැනගන්න.
වශී ගුරුකම් ගැන දැන්වීම් අද බහුලව දකින්නට ලැබේ. වරු තුනෙන් දින තුනෙන් ඕනෑම කෙනෙකු වශීකර දෙන්නට හැකි ශූරයින්ද මේ අතර සිටින බව පෙනේ. ඔය කියන ආකාරයට වශී ගුරුකම් කළ හැකිනම් හින්දි නළු නිළියන්, විදේශ ජනාධිපතිවරුන් මෙලහකටත් අපේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ගෙවල් වල සිටිය යුතුය. ඔය කියන ආකාරයට වශි ගුරුකම් කළ නොහැක.
වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්්‍යයකි. අංග අටකින් යුතු මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පළමු අංගය ''වශී කර්මය'' යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් සඳිහා යොදා ගත යුත්තේ පුර පක්‍ෂයේ දිනයන්ය. පුර පක්‍ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසලොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි. පසලොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්‍ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග‍්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.
තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග‍්‍රහ බලය ශක්තිමත්නම් වශී ගුරුකම් සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාලශාස්ත‍්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක‍්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවේ.
ගුරුකමක් යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්්‍යයකි. ගුරුකම් පිළිඳව දැනගත යුත්තේ මන්ත‍්‍රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි.
වශී ගුරුකම් සිදුකරන මන්ත‍්‍රාචාර්යවරයෙක් ඊට නියමිත ''මන්ත‍්‍ර සිද්ධිය'' ලබා සිටිය යුතුය. මන්ත‍්‍ර සිද්ධියක් ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. නිසි කැපවීමකින් තොරව මන්ත‍්‍ර සිද්ධිය ලබාගත නොහැක. පොතක පතක තිබූ මන්ත‍්‍රයක් කටපාඩම් කරගත් පමණින් ගුරුකමක් කළ නොහැක.
අද වශී ගුරුකම් කරනවායැයි පවසමින් බොහෝ දෙනා කරන්නේ ජනතාව මුලා කිරීමකි. මේ අතරින් බොහෝ දෙනා මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අටවත් (අෂ්ට කර්මය) නොදන්නා අයයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු විසින් බිහිකරන ලද මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හෑල්ළුවට ලක්වන්නේ එවන් සොරුන් හේතුවෙනි.
නීච කුල වල උපන් අයට ගුරුකම් කිරීමට විශේෂ බලයක් හෝ විශේෂ දැනුමක් නොමැති බවද දැනගත යුතුය. සියළු නීච කුල මන්ත‍්‍රවල බලය ජලනන්දන පිරිත මගින් පහසුවෙන් බිඳහෙලිය හැකි බවද විශේෂයෙන් මතක් කළ යුතුය.
නිවැරදි උපන් වේලාව කුමක්ද ?
නිවැරදි උපන් වේලාව කුමන මොහොතේදැයි ඇතැම් දෙනා නොදනිති. ඇතැමෙක් පවසන්නේ දරුවා මව් කුසින් පිටතට පැමිණි මොහොත නිවැරදි උපන් වේලාව බවයි.තවත් අය පවසන්නේ පෙකනි වැල කැපූ මොහොත නිවැරදි උපන් වේලාව ලෙස ගත යුතු බවයි. දරුවා මුලින්ම හඩන මොහොත උපන් වේලාව ලෙස ගතයුතු බවද සමහරු පවසති. නිවැරදි උපන් වේලාව කුමක් දැයි නිවැරදිව අවබෝධ කරගැනීම සෑම දෙනාටම වැදගත්ය.
දරුවෙක් මව් කුසින් ඉවතට පැමිණි විගස ලබාගන්නා පළමු ආශ්වාසය මගින් ක‍්‍රියාත්මක වන විශ්ව සබඳතා ක‍්‍රියාවලිය නියම උපන් වේලාවයි. මෙය තේරුම්ගත හැක්කේ දරුවා හැඞීමෙනි. මව්කුස තුලදී දරුවාගේ රුධිර සංසරණය සිදුවන්නේ නාභිය හරහා පමණි. ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීමක් සිදුනොවේ. පෙනහළු අක‍්‍රියව හැකිලී පවතියි. මව් කුසින් පිටතට පැමිණි විගස දැඩි වායු පීඩනයකට දරුවා භාජනය වේ. නාසයෙන් ඇතුළුවන වායුව පෙනහළු කරා ගොස් හැකිලි තිබූ පෙනහළු ක්‍ෂනයකින් දිග හරිනු ලබයි. මෙහිදී දැනෙන අධික වේදනාව නිසා දරුවා හඩයි. මේ අනුව නිවැරදි උපන් වේලාවා දරුවා හඩන වේලාවයි.
උපත සිදුවූ ප‍්‍රදේශය මුල්කරගෙන නැගෙනහිර ක්‍ෂිතිජයේ පිහිටි රාශිය තුලින් දරුවාගේ කර්ම ශක්තිය වර්තමාන භවය සමඟ සම්බන්ධව පවතින ආකාරය තේරුම් ගැනීමට හැකිවේ. දරුවෙක් මෙලොව බිහිවන්නේ තමන් පෙර භවයන්හි කරන ලද කුසල් අකුසල් පලදෙන ආකාරයේ ග‍්‍රහ රටාවක් අහස්කුස තුල සටහන්ව පවතින මොහොතකය.
අපගේ සේවාවන්
- ► ඕනෑම රටක උපන් අයෙකුගේ ජන්ම පත‍්‍රය සෑදීම
- ► ජන්ම පත‍්‍රය පරීක්‍ෂාකර පලාපල ලබාදීම
- ► සියළු ආකාරයේ නැකත් සෑදීම
- ► මල්වර නැකත් සෑදීම හා මල්වර පලාපල කථනය
- ► අළුත උපන් දරුවන් සඳහා නාමාක්‍ෂර ලබාදීම
- ► විවාහය සඳහා කේන්දර පරීක්‍ෂා කිරීම
Read More ►►