ධනු ලග්නය - නව වසර සුබයි
ධනය :-
නව වසර ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා සුබදායකයි. හිතට ගැලපෙන ආර්ථික වටපිටාවක් ගොඩනගා ගන්න හැකි වෙනවා. ලැබීම යහපත් වෙනවා. තැම්පත් ධනය වර්ධනය වෙනවා. ලාබ බලාපොරොත්තුවෙන් සිදු කරන වියදම් වලින් අපේක්‍ෂිත ලාබ හිමි වෙනවා. ලැබෙන්නට තිබුනු ධන සම්පත් හිමි වෙනවා.
රැකීරක්‍ෂා :-
රැකියා කටයුතු සම්බන්ධයෙන් විශේෂ දියුණුවක් ඇති වෙනවා. උද්යෝගය උනන්දුව නොඅඩුව ඇති වෙනවා. බලාපොරොත්තුවෙන් සිටි උසස්වීම් තනතුරු වරප‍්‍රසාද හිමි කරගන්න ලැබෙනවා. රැකියා බලාපොරොත්තුවෙන් සිටියා නම් වසරේ මුල් කොටස තුල ඉටු කරගන්න ලැබෙනවා. නව ව්‍යාපාර වලට අත ගහන්න ජනවාරි, මාර්තු, මැයි, ජූනි, ඔක්තෝම්බර් මාස සුබදායකයි. විදේශ රැකියා සඳහා පිටත් වෙන්න ජූනි මාසය තෙක් කාලය සුබයි.
ගෘහ ජීවිතය :-
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් ගෙවුනු වසරට වඩා බොහෝ සෙයින් සුබදායකයි. බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගන්න ලැබෙනවා. සමාජයේ කැපී පෙනෙන තත්වයක් ඇති වෙනවා. ගෙවල් හදන්න දේපළ මිලදී ගන්න වසර පුරා සුබදායකයි. පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වෙනවා. විවාහය පිළිබ`ද බලාපොරොත්තු ඉටු කරගන්න ලැබෙනවා. ජනවාරි, මාර්තු, මැයි, ජූනි මාස විවාහ කටයුතු ස`දහා සුබදායකයි.
අය 11 - වැය 08