කන්‍යා ලග්නය - මිශ‍්‍ර පල දායක වසරක්

ධනය :-

මාර්තු මාසය තෙක් කාලයත්, ජූලි මාසය පටන් කාලයත් ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායකයි. මෙම කාලසීමාව තුල ආර්ථිකයේ වර්ධනයක් ඇතිවෙනවා. තැන්පත් ධනය වර්ධනය කරගන්න ලැබෙනවා. සෙසු කාලසීමාවන් තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.

රැකීරක්‍ෂා :-

රැකියා කටයුතු සම්බන්ධයෙන් වසර බොහෝ දුරට සුබදායක වේ. ජූනි මාසයේ පටන් වසරේ අවසානය දක්වාම රැකියා කටයුතුවල දියුණුවක් සාර්ථකත්වයක් ඇතිවෙනවා. ප‍්‍රමාදවෙමින් පැවති උසස්වීම්, නව පදවි තනතුරු මෙම කාලය තුළදී අත් කරගැනීමට හැකිවෙනවා. නව ව්‍යාපාර ඇරඹීමට, ජනවාරි, පෙබරවාරි, ජූනි, අගෝස්තු, ඔක්තොම්බර් මාස සුබදායකයි. කලා කටයුතු, සියලූ ආකාරයේ නිර්මාණශීලි කටයුතු, ආදියේ නියැලෙන අයට වසර විශේෂයෙන් සුබදායකයි.

ගෘහ ජීවිතය :-

ගෘහ ජීවිතය සම්බන්ධයෙන් නව වසර තුළ මිශ‍්‍ර පල උදාවෙනවා. මාර්තු මාසයේ පටන් ජූනි මාසය අවසන් වන තෙක් කාලය තුළ මානසික සහනය වරින් වර බි`දවැටෙනවා. කරන කියන කටයුතු වලට අවහිර බාධක එල්ලවෙනවා. චෝදනා, අපහාස එල්ලවෙන්න පුළුවන්, නීති ප‍්‍රශ්න මතුවෙන්නත් ඉඩ තියෙනවා. විවාහ කටයුතු වලට බාධක එල්ලවෙනවා. සෙසු කාලසීමාවන් තුල සුබ පල ලැබෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඉෂ්ඨ කරගන්න ලැබෙනවා. ජනවාරි, ජූලි, අගෝස්තු, ඔක්තෝම්බර් මාස විවාහ කටයුතු වලට සුබදායකයි. අධ්‍යාපන කටයුතු වලට වසර පුරාම සුබයි.

අය 14 - වැය 08