කටක ලග්නය - සාර්ථක වසරක්

ධනය :-

ආර්ථිකය සම්බන්ධයෙන් ගෙවුනු වසරට වඩා බොහෝ සෙයින් සුබයි. සතුටු දායක ආර්ථිකයක් ගොඩනගා ගන්න ලැබෙනවා. විශේෂ ධන ලාබ හිමි වෙනවා. ලාබ බලාපොරොත්තුවෙන් මුදල් යොදවන්න ජනවාරි, මැයි, ජූනි, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස වඩාත් සුබයි. මෙම මාස තුල ලැබීම් වර්ධනය වෙනවා.

රුකී රක්‍ෂා :-

රැකියා කටයුතු වල විශේෂ දියුණුක් ඇති වෙනවා. රැුකියා කටයුතු සම්බන්ධයෙන් ගැටළු පැටළිලි තිබුණා නම් ඒවා දුරු වෙලා යනවා. අළුත් ව්‍යාපාර වලට අත ගහන්න නව වසර සුබයි. විදේශ රුකියා ස`දහා පිටත් වෙන්න වසරේ දෙවැනි කොටස ඉතාමත් සුබදායකයි. දේපළ වෙළදාම, වගා කටයුතු, ගොඩනැගිලි ද්‍රව්‍ය, වාහන, වාහන අමතර කොටස්, පරිගණක ආදී ව්‍යාපර වලට නව වසර විශේෂයෙන් සුබදායකයි.

ගෘහ ජීවිතය :-

ගෘහ ජීවිතය සම්බන්ධයෙන් කැපී පෙනෙන කල එළියක් ඇති වෙනවා. ගෙදර දොරේ දියුණුව ඇති වෙනවා. ගේදොර, දේපළ සම්බන්ධ ගැටළු පැටලිලි නීති ප‍්‍රශ්න තිබුණා නම් ඒවා විස`දාගන්න ලැබෙනවා. ගෙවල් දොරවල් හදන්න ඉතා සුබ වසරක්. ජනවාරි, මැයි, ජූනි මාස ඉදිකිරීම් වලට සුබදායකයි. පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වෙනවා. ඇසුරු කරන අය අතර කැපී පෙනෙන තත්වයක් ඇති වෙනවා. සමාජ සේවා කටයුතු දේශපාලන කටයුතු වල නියැලෙන අයට විශේෂ සුබ පල ලැබෙනවා. පෙබරවාරි, මාර්තු, අපේ‍්‍රල්, නොවැම්බර් මාස තුළ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අනතුරු, ශල්‍යකර්ම වලට ඉඩ තියෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා.

අය 08 - වැය 05