කුම්භ ලග්නය - සම පලදායක වසරක්
ධනය :-
නව වසර තුල ආර්ථිකය සම්බන්ධයෙන් මිශ‍්‍ර පල උදා වෙනවා. ධනය ලැබීම සම්බන්ධයෙන් බාධාවක් අවහිරයක් එල්ල නොවුනත් වියදම් බහුල වෙනවා. ලැබෙනදේ නිරායාසයෙන්ම වියදම් වෙන්න පුළුවන්. ණය ගනුදෙනු වලට මැදිහත් වීමෙන් වැලකිය යුතු වසරක්. කෙසේ වෙතත් ජූනි මාසයේ පටන් ආර්ථිකයේ යම් ප‍්‍රගතියක් ඇති වෙනවා.
රැකීරක්‍ෂා :-
වසරේ මුල් කොටස තුල රැකියා කටයුතු සම්බන්ධයෙන් එතරම් ප‍්‍රගතියක් ඇති වෙන්නේ නැහැ. නොයෙක් විට අතෘප්තිමත් කම් ඇති වෙනවා. කොහොම වුනත් ජූනි මාසයේ පටන් වසර අවසානය තෙක් කාලය තුල රැකියා කටයුතු දියුණු වෙනවා. උසස් වීම්, නව පදවි, තනතුරු හිමි වෙන්නත් පුළුවන්. අළුත් ව්‍යාපාර වලට අත ගහන්නත් වසරේ දෙවැනි කොටස සුබයි.
ගෘහ ජීවිතය :-
වසරේ මුල් කොටස තුල විවාහ කටයුතු වලට බාධක අවහිර එල්ල වෙනවා. ස්ථීර වී තිබුණු විවාහ යෝජනා පවා දුරස් වීමට ඉඩ තියනවා. පේ‍්‍රම සම්බන්ධතා වලට බාධක එල්ල වෙනවා. මෙම කාලය තුල විවාහක කුම්භ ලග්න හිමියෙන් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. ජූනි මාසයේ පටන් මෙම බාධක අවහිර දුරු වෙනවා. ගෙවල් හදන්න වසරේ දෙවැනි කොටස සුබදායකයි. ඥාතීන් සම`ග විරසකතා ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වසරේ දෙවැනි කොටස තුල වඩාත් සාර්ථක වෙනවා.
අය 05 - වැය 11