මකර ලග්නය - රැකියා ව්‍යාපාර ආදියේ දියුණුවක්

ධනය :-

ආර්ථිකය සම්බන්ධයෙන් සුබ පල වැඩියෙනුත්, අසුබ පල ඉතා අඩුවෙනුත් ලැබෙන වසරක්. තැන්පත් ධනය වර්ධනය කරගන්න හැකි වෙනවා. ලැබීම වර්ධනය වෙනවා.ජූනි මාසය තෙක් කාලය තුල වියදම් තරමක් ඉහල යනවා. මෙම කාල සීමාව තුල ණයට දීමෙන් වැලකිය යුතුයි.

රැකීරක්‍ෂා :-

රැකියා කටයුතු වල මනා ප‍්‍රගතියක් ඇති වෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් තෘප්තිය සතුට වර්ධනය වෙනවා. කෘෂිකාර්මික, සෞඛ්‍ය, ආරක්‍ෂක, මූල්‍ය ආදී ක්‍ෂෙත‍්‍ර තුල නියැලෙන අයට විශේෂ සුබ පල හිමි වෙනවා. වාහන, යන්ත‍්‍ර සූත‍්‍ර, දේපළ, පරිගණක, ගොඩනැගිලි ද්‍රව්‍ය ආදී ව්‍යාපාර වල නිරත වෙන අයට විශේෂ වාසි සැලසෙනවා. එවැනි ව්‍යාපාර වලට අත ගහන්නත් නව වසර ඉතා සුබයි.

ගෘහ ජීවිතය :-

ගේදොර දේපළ ආදියේ දියුණුවක් ඇති වන වසරක්. ඉඩකඩම් මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියා නම් නව වසර තුල ඊට අවස්ථාව උදාවෙනවා. ගෙවල් හදන්නත් සුබදායක වසරක්. දේපළ ගේදොර සම්බන්ධයෙන් ගැටළු, පැටලිලි, නීති ප‍්‍රශ්න තිබුනා නම් ඒවා නිරාකරණය කරගන්න හැකි වෙනවා. පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වෙනවා. ජනවාරි, මාර්තු, ජූනි, ඔක්තෝම්බර්, මාස විවාහ කටයුතු වලට සුබදායකයි. වසරේ මුල් කොටස තුල සුළු අනතුරු වලට ඉඩ තිබෙනවා. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වසර පුරා සුබයි.

අය 05 - වැය 11