මීන ලග්නය - මංගල යෝග
ධනය :-
ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි. මැයි මාසය තෙක් කාලය වඩාත් සුබදායකයි. තැම්පත් ධනය වර්ධනය කරගැනීමට හැකි වෙනවා. වසරේ දෙවැනි කොටස තුල ආර්ථිකය වරින් වර චංචල වෙනවා. වියහියදම් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.
රුකීරක්‍ෂා :-
රැකියා කටයුතු සම්බන්ධයෙන් නව වසර සුබදායකයි. අළුත් ව්‍යාපාර අරඹන්න නව රැකියා පිළිබ`ද බලාපොරොත්තු ඉටු කරගන්න අවශ්‍ය පසුබිම සැකසෙනවා. ජූනි මාසය තෙක් කාලය තුල හවුල් ව්‍යාපර වලට සම්බන්ධ වීමෙන් වැලකිය යුතුයි. කලා කටයුතු, ගුරු, බැංකු, නීති ආදී ක්‍ෂත‍්‍ර තුල නියැලෙන අයට නව වසර තුල වැඩි වාසි අත්වෙනවා.
ගෘහ ජීවිතය :-
ගෙවුනු වසරට වඩා සුබ පල අත්වන වසරක් ගෙදර දොරේ අසමගිකම් පැවතුනා නම් ඒවා දුරු වෙලා යනවා. ඥාති හිතමිත‍්‍රාදීන් සමග නොහො`ද නෝක්කාඩු කම් තිබුණා නම් ඒවා සමනය වෙනවා. නව වසර තුල මංගල යෝග උදාවෙනවා. පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වෙනවා. විවාහය පිළිබ`ද බලාපොරොත්තු ඉටු කරගන්න ලැබෙනවා. මැයි ජූනි අගෝස්තු ඔක්තෝම්බර් මාස විවාහ කටයුතු ස`දහා වඩාත් සුබදායකයි. ගෙවල් සෑදීමට, දේපළ මිලදී ගැනීමට මැයි, ජූනි මාස වඩාත් සුබයි. දරුපල බලාපොරොත්තුවෙන් සිටින අයට පින්වත් දරුපල හිමිවෙනවා. අගෝස්තු, සැප්තැම්බර්, මාස තුල සෞඛ්‍ය ගැන සැළකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතු වලට නව වසර සුබයි.
අය 11 - වැය 08