මේෂ ලග්නය - බලාපොරොත්තු ඉටුවන වසරක්

ධනය :-

පොදුවේ ගත් කළ නව වසර ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායකයි. ධනය ඉපැයීම කෙරෙහි දැඩි උනන්දුවක් ඇතිවෙනවා. ජනවාරි මුල පටන් ජූනි මාසය තෙක් කාලයත්, සැප්තැම්බර් මස පටන් වසර අවසන් වන තෙක් කාලයත් සුබදායක වෙනවා. තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකිවෙනවා.

රැකී රක්‍ෂා :-

රැකියා කටයුතු සම්බන්ධයෙන් නව වසර ඉතා සුබදායකයි. නව ධනෝපායන මාර්ග ඇරඹීමට හැකිවෙනවා. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයගේ අපේක්‍ෂාවන් ජූනි මාසය තෙක් කාලය තුල ඉටුවෙනවා. නව ව්‍යාපාර ඇරඹීමටත් මෙම කාල සීමාව සුබදායකයි. විදේශ රැුකියා සදහා යොමුවීමට වසර මැද භාගය වඩාත් සුබයි.

ගෘහ ජීවිතය :-

වසර ආරම්භයේ පටන් ජූනි මාසය තෙක් කාලය තුල ආවේගශීලී ගති ලක්‍ෂණ ඇතිවෙනවා. නමුත් මෙම කාලය තුල උද්යෝගය, උනන්දුව, ඉදිරියට යන ගතිය ඉහලම තත්වයක පවතිනවා. මෙම කාලසීමාව තුල පේ‍්‍රම සම්බන්ධතා ඇතිවෙනවා, විවාහ කටයුතු සදහා මාර්තු, මැයි, ජූනි, නොවැම්බර් මාස වඩාත් සුබදායකයි. අඩාලවී පැවති බොහෝ කටයුතු මෙම වසර තුල පණ ගන්වාගන්න හැකිවෙනවා. නොවැම්බර්, දෙසැම්බර් මාස ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් සුබ නෑ. අධ්‍යාපන කටයුතු වලට වසර පුරා සුබදායකයි.

අය 14 - වැය 02