මිථුන ලග්නය - දියුණුව උදාවන වසරක්

ධනය :-

ජනවාරි මාසය ගෙවී යාමත් සමග ආර්ථිකයේ දියුණුවක් ඇතිවෙනවා. මුදල් ලැබීම යහපත් වෙනවා. තැන්පත් ධනය වර්ධනය කරන්න හැකි වෙනවා. පෙබරවාරි, අපේ‍්‍රල්, මැයි, ජූනි මාස තුල විශේෂ ලැබීම් හදිසි ධන ලාබ වලට ඉඩ තියෙනවා.

රැකී රක්‍ෂා :-

රැකියා කටයුතු විධිමත්ව ක‍්‍රමවත්ව කර ගෙන යන්න ලැබෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් වසර පුරාම සුබ දායකයි. අළුත් ව්‍යාපාර අරඹීමේ බලාපොරොත්තුවෙන් සිටින අයට තම අපේක්‍ෂාවන් ඉටුකර ගන්න පසුබිම හැදෙනවා. විදේශ රැකියා අපේක්‍ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු වසරේ දෙවෙනි කොටස තුල ඉටු වෙනවා. රැුකියාවේ උසස්වීම් නව තනතුරු පිළිබ`ද බලාපොරොත්තු මැයි මාසයෙන් පසුව ඉටු කරගන්න ලැබෙනවා. අළුත් ව්‍යාපාර අරඹන්න මාර්තු, මැයි, ජූනි මාස සුබ දායකයි.

ගෘහ ජීවිතය :-

තම වැඩ කටයුතු ක‍්‍රමවත්ව විධිමත්ව කරගෙන යාමේ අදහස වසර ආරම්භයේදීම ඇති වෙනවා. පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වෙනවා. විවාහක මිථුන ලග්න හිමියන්ගේ පවුල් ජීවිත සැනසිලි දායක ලෙස ගත කරන්න හැකි වෙනවා. දරුපල බලාපොරොත්තුවෙන් ඉන්න අයට පින්වත් දරුපල හිමි වෙනවා. ගෙවල් දොරවල් හදන්න දේපළ මිලදී ගන්න ඉතාමත් සුබදායක වසරක්. එවැනි කටයුතු වලට මාර්තු, මැයි, ජූනි මාස වඩාත් සුබදායකයි. උරුම හිමිකම් පිළිබ`ද ගැටළු තිබුණා නම් ඒවා නිරාකරණය කරගන්න පුළුවන් වෙනවා.

අය 14 - වැය 08