සිංහ ලග්නය - බලය ගොඩ නැගෙන වසරක්
ධනය :-
නව වසර මුදල් ලැබීම අතින් සුබදායකයි. වරින් වර ධන හානි වලට ඉඩ තියෙනවා. නොසැලිකිලිමත් කම හේතුවෙන් හා ඉක්මන්කාරීකම හේතුවෙන් අධික වියදම්, ධන හානි සිද්ධවෙන්න පුළුවන්. කොහොම වුනත් නව වසර තුල අගහි`ගකමක් ඇතිවන්නේ නෑ. මුදල් අයෝජනය කිරීම් වලදී ප‍්‍රවේශම් විය යුතුයි.
රැකිරක්‍ෂා :-
රැකියා කටයුතු නව ජවයකින් කරගෙන යාමට හැකිවෙනවා. ප‍්‍රධාන තනතුරු දරණ අයට සේවකයින්ගේ ගෞරවය වැඩිවෙනවා. උසස්වීම්, තනතුරු බලාපොරොත්තුවෙන් සිටින අයගේ අපේක්‍ෂාවන් වසරේ පළමු කොටස තුල ඉටුවෙනවා. විදේශ රැුකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ජූනි මාසයෙන් පසුව ඉටුකරගන්න හැකිවෙනවා. විදේශ රැකියාවල නියැලෙන සිංහ ලග්න හිමියන්ට වාසිදායක වසරක්. සෙඛ්‍ය, ඉංජිනේරු, කාර්මික, ආරක්‍ෂක ක්‍ෂෙත‍්‍රවල අයට විශේෂ වාසි සැලසෙනවා.
ගෘහ ජීවිතය :-
ජූනි මාසය තෙක් කාලය තුල ආවේගශීලි ගති ලක්‍ෂණ ඇතිවෙනවා. කෙසේ වෙතත් උද්යෝගය, ධෛර්්‍යය, ඉදරයට යන ගතිය ඉහළම තත්වයක පවතිනවා. තම බලය පැතිරවීමෙ අවස්ථා ඵළඹෙනවා. සතුරු බලපෑම් දුරුවෙනවා. විවාහක සිංහ ලග්න හිමියන් වසරේ පළමු කොටස තුල ඉවසිලිමත්ව කටයුතු කල යුතුයි. වසරේ මුල් කොටස තුල පේ‍්‍රම සම්බන්ධතා වලටද තරමක බාධක එල්ලවෙනවා. විවාහ කටයුතු සම්බන්ධයෙන් ජූනි මාසයේ පටන් වසර අවසානය තෙක් කාලය සුබයි. වසරේ පළමු කොටස තුල අනතුරු අවදානමක් පවතිනවා. වසරේ දෙවනි කොටස තුල තර`ග විභාග වලින් ජය ලැබෙනවා.
අය 11 - වැය 02