විශේෂ අනාවැකි

සෙනසුරු යළි කන්‍යා රාශියට
කන්‍යා ලග්න හිමියන්ට තදබල ඒරාෂ්ඨකයක්.
Published Date 2012/04/30
පසුගිය වසරේ (2011) නොවැම්බර් 15 වෙනිදා සෙනසුරු තුළා රාශියට ගමන් කළා. කන්‍යා ලග්න හිමියන්ට කාලයක් තිස්සේ පැවති ඒරාෂ්ඨක අපලය බොහෝදුරට අඩු වුණා. තුලා රාශියට ගිය සෙනුසුරු 2012 පෙබරවාරි 08 වැනිදා පටන් වක‍්‍ර වෙන්න පටන් ගත්තා. මෙසේ වක‍්‍ර වෙමින් සිටි සෙනසුරු 2012 මැයි 16 වෙනිදා නැවත කන්‍යා රාශියට පිවිසෙනවා. 2012 මැයි 16 වෙනිදා පටන් අගෝස්තු 04 වෙනිදා තෙක් සෙනසුරු කන්‍යා රාශියේ ගතකරනවා.
මේ අනුව කන්‍යා ලග්න හිමියන්ට නැවතත් තදබල අපල එල්ලවෙනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකළ යුතුය. හදිසි අනතුරු, අස්ථි බිඳීම්, ශල්‍ය කර්ම ආදියට ඉඩ තිබෙනවා. මානසික සහනය බිඳවැටෙනවා. තම අගය වටිනාකම අන්‍යයන්ට නොපෙනීයනවා. චෝදනා අපහාස එල්ලවන්නත් පුළුවන් කරන කියන කටයුතු වලට බාධක අවහිර එල්ලවෙනවා. සෙනසුරු මහ දශා, අන්තර් දශා, අඟහරුගේ මහදශා අන්තර් දශා ගතකරන අය විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. සෙනසුරුගේ අපල දුරුවීමට කළ යුතු ප‍්‍රතිකර්ම යෙදීම වඩාත් සුදුසුයි.
සිංහ ලග්න හිමියන්ටත් නැවත ඒරාෂ්ඨක අපල
2012.05.16 - 2012.08.04 අතර කාලය තුල සිංහ ලග්න හිමියන්ටත් ඒරාෂ්ඨක අපල එල්ල වෙනවා. සිංහ ලග්න හිමියන් තම ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිළිමත් විය යුතුය. ධන හානි අධික වියදම්, පාඩු අලාභ ආදියට ඉඩ තියෙනවා. අවදානම් සහිත අයෝජන වලින් වැළකිය යුතුය. එරාෂ්ඨක කාලය තුල හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානමක්ද පවතිනවා.
රටටත් ඒරාෂ්ඨක අපල
රටේ කේන්දරයේ අටවැනි රාශියට සෙනසුරු පැමිණීමත් සමග රටටද නැවත ඒරාෂ්ඨක අපල එල්ලවෙනවා 2012.05.16 - 2012.08.04 අතර කාලය තුල රට තුල රිය අනතුරු, මනුෂ්‍ය ඝාතන, වැඩ වර්ජන , උද්ඝෝෂණ, ස්වභාවික විපත් බහුල වෙනවා. මෙම කාලය තුල ලෙඩ රෝග පැතිරීමේ අවදානමක්ද පවතිනවා.
බඩු මිල ඉහළට
සෙනසුරු නැවත කන්‍යා රාශියට පැමිණීමත් සමඟ බොහෝ බඩු භාණ්ඩ වල මිල ඉහල යනවා. සාමාන්‍ය ජන ජීවිතයට වඩාත් සමීප ආහාර ද්‍රව්‍ය සහ වෙනත් පරිභෝගික ද්‍රව්‍ය රැසක මිල වැඩිවෙනවා ජනතාව තුල කණස්සළු, කළකිරීම් ඇතිවන කාලයක් ලෙස දැක්විය හැකියි. සාමාන්‍ය ජනතාවට මෙම කාලසීමාව තුල විවිධ දුෂ්කරතා ඇතිවෙනවා.
සෙනසුරු අපල දුරුවීමට කළ යුතු පිළිවෙත්
- ☼ බෝධි පූජා පවත්වා විශ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කර පිහිට ඉල්ලීම.
- ☼ පාදයක් ආබාධිත යාචකයෙකුට එළවළු ව්‍යාංජන සමග කැකුළුහාල් බත් සෙනසුරාදා දින 07ක් උදේ වරුවේ දන්දීම.
- ☼ ශනි මෘර්ත්යුංජය යන්ත්‍රය පැළදීම.
- ☼ විශ්ණු දෙවියන්ට සෙත් කවි කීම.
- ☼ කපුටන්ට එළ ඟිතෙල් මිශ්‍ර කිරිබත් සෙනසුරාදා දින වල උදේ වරුවේ දැමීම.
- ☼ කාක නිල් මැණිකක් රිදී හෝ සුදු යකඩ මුදුවකට අල්ලා පැළඳීම.
- ☼ කළු, තද නිල්, නිල් පැහැති ඇªම් නිතර ඇඳීම.
අපගේ සේවාවන්
- ► ඕනෑම රටක උපන් අයෙකුගේ ජන්ම පත‍්‍රය සෑදීම
- ► ජන්ම පත‍්‍රය පරීක්‍ෂාකර පලාපල ලබාදීම
- ► සියළු ආකාරයේ නැකත් සෑදීම
- ► මල්වර නැකත් සෑදීම හා මල්වර පලාපල කථනය
- ► අළුත උපන් දරුවන් සඳහා නාමාක්‍ෂර ලබාදීම
- ► විවාහය සඳහා කේන්දර පරීක්‍ෂා කිරීම
Read More ►►