වෘෂභ ලග්නය - වරින් වර බාධක
ධනය :-
ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුතු වසරක්. අනපේක්‍ෂිත වියදම් බහුල වෙනවා නොසැළකිලිමත්කම හේතුවෙන් සිදුවන ධන හානි වලට ඉඩ තියෙනවා. ධනය ලැබීම සම්බන්ධයෙන් වසර සුබදායකයි. ජනවාරි, පෙබරවාරි, මැයි, ජූනි මාස තුල ලැබීම් වර්ධනය වෙනවා
රුකි රක්‍ෂා :-
රුකියා කටයුතු සම්බන්ධයෙන් මිශ‍්‍ර පල උදාවෙනවා, උනන්දුව, උද්යෝගය වරින් වර අඩුවෙනවා. අළුත් ව්‍යාපාර අරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ජනවාරි, මැයි, ජූනි, මාස වඩාත් සුබදායකයි. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින අයගේ අපේක්‍ෂාවන් අගෝස්තු මාසයෙන් පසුව ඉටුවෙනවා. විදේශ රැකියා සදහා පිටත්වීම්ට වසර පුරා සුබයි.
ගෘහ ජීවිතය :-
සිත එකළස්් කරගෙන, ස්ථීර අරමුණක් ඇතුව කටයුතු කිරීමේ ශක්තිය ඇති කරගත යුතුයි. අන්‍යයන්ට නොපෙනෙන, රහස් දුක් වරින්වර ඇතිවෙනවා. ජනවාරි, පෙබරවාරි, මැයි, ජූනි, දෙසැම්බර් මාස විශේෂ හා වැදගත් කටයුතු වෙනුවෙන් භාවිතයට ගත යුතුයි. ගෙවල් දොරවල් හදන්න වසරේ මුල් භාගය සුබදායකයි. හවුල් කටයුතු වලට වසර සුබ නෑ. සිකුරු, ගුරු, දශා ගතකරන අයට අසුබ පල අඩුවෙනවා. අධ්‍යාපන කටයුතු වලට සුබයි. ජූලි, නොවැම්බර් මාස තුල හදිසි අනතුරු වලට ඉඩ තියෙනවා.
අය 08 - වැය 11